පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවේ නිල කාලය යළි දිගු වෙයි

Wednesday, 18 September 2019 - 14:53

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිල කාලය ලබන ඔක්තෝම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

ඊට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද යෝජනාවකට අනුව පසුගිය මැයි 22 වෙනිදා ආරම්භ වු මෙම තේරීම් කාරක සභාවේ නිල කාලය ලබන 30 වනදායින් අවසන්වීමටයි නියමිතව තිබුනේ.

මේ අතර, වත්මන් ආණ්ඩුව අලූතින් මත්පැන් බලපත්‍ර ලබා දිමක් සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද චෝදනා එල්ල වන බැවින්, ඒ පිළිබද කරුණූ පැහැදිලි කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කිරීමත් සමග සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිිරිඇල්ල සමඟ අද පාර්ලිමේන්තුවේදී  උණුසුම් සංවාදයක් හටගත්තා.