ලක්ෂ 80ක් පමණ වටිනා බීඩී කොළ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

Wednesday, 18 September 2019 - 15:48

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%93%E0%B6%A9%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බීඩී කොළ කිලෝ 1500ක් සමඟ සැකකරුවෙකු කල්පිටිය කන්දකුලිය කුඩාව මුහුදු තිරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (18) උදෑසන අත්අඩංගුවට ගත් මෙම බීඩි කොළ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 80කට අධික බවයි පොලිසිය සදහන් කළේ.

ඉන්දියාවේ සිට ධිවර යාත්‍රා තුනකින් මෙම බීඩි කොළ තොගය මෙරටට රැගෙන විත් ඇති බවයි මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර දික්වැල්ල පදිංචි ව්‍යාපාරිකයෙක්.

සැකකරු කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.