ඇඹුල්ගම හන්දියේ සිදුවූ වෙඩි තැබීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවියක් දැඩිගමුවෙන් සොයා ගැනේ

Wednesday, 18 September 2019 - 16:57

%E0%B6%87%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
දැඩිගමුව - ජයමාවත - සමගි මාවතේ බුදු මැදුරක් පිටුපස සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ හිස් පතොරම් ගැබක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සොයා ගෙන තිබෙනවා.

රාජගිරිය විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ පරීක්ෂාවකදී මෙම ගිනි අවිය සොයා ගෙන ඇති බව සඳහන්.

අදාළ ගිනි අවිය පසුගිය ඉරිදා හංවැල්ල - ඇඹුල්ගම හන්දියේදී සිදුවූ වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය බවට සැක කරන අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා එය නවගමුව පොලීසිය වෙත භාර දී තිබෙනවා.

හංවැල්ල - ඇඹුල්ගම හන්දියේදී සිදුවූ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකුට තුවාල සිදුවුණා.