සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ට රාජ්‍ය ආයතන 7 කට ඇතුලූවීම තහනම්

Wednesday, 18 September 2019 - 18:45

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+7+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 7 කට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් ඇතුලූ පාර්ශව 13 කට අද නියෝගයක් නිකුත් කළා.

ඒ, කොටුව පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව ජනාධිපති නිල නිවස, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවලටද ඇතුළු වීම ඔවුන්ට තහනම් වනු ඇති.  

ජීවිතාන්තය දක්වා සියලූ වැටුප් හා දීමනා ලබාදෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ නිරත රණවිරුවන්ගේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.

ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමනකින් පැමිණි අතර, එම සාකච්ඡාවෙන් පසුව රණවිරුවන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය අසළට පැමිණියද ඊට අවස්ථාව හිමිවුණේ නැහැ.

සත්‍යග්‍රහයේ නිරත විශ්‍රාමික ආබාධිත රණවිරුවන් එම අමාත්‍යාංශය දෙසට පැමිණීමත් සමඟ ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දැමීමටයි පොලීසිය පියවර ගත්තේ.

එහිදී ආබාධිත රණවිරුවන්ට සහය පළ කිරීමට පැමිණි ස්වාමීන් වහන්සේ පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් සංවාදයක් ඇතිවුණා.