සාහිත්‍ය මාසය, රැකියා දෙන මාසයක් බවට පත්ව ඇතැයි ජනපති කියයි

Wednesday, 18 September 2019 - 19:25

%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%2C+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සාහිත්‍ය මාසය ලෙස නම් කර ඇති සැප්තැම්බර් මාසය මේ වනවිට රැකියා ලබාදෙන මාසයක් බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල - වෙළගෙදර ක්‍රීඩාංගණයේ අද පැවති වයඹ පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මෙරට ගුරු සේවයේ නිරත දෙලක්ෂ අසූදහසක් පමණ වන ප්‍රමාණයෙන් සියයට දහයක් පමණ ගුරු සේවයට නුසුදුසු බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකළ නවතම සමීක්ෂණයකින් වාර්තාවී ඇති බවයි.