ජනපතිවරණය නොවැම්බර් 16 - ගැසට් නිවේදනය නිකුත් කෙරේ - නාම යෝජනා භාර ගැනීම ඔක්තෝම්බර් 7

Wednesday, 18 September 2019 - 20:23

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+16+-+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+7
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාමයෝජනා කැඳවීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කෙරුණා.

ඒ අනුව, ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වෙනු ඇති.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රී රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කළා.

ඒ, 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ දෙවන වගන්තිය යටතේ වූ නිමයට අනුවයි.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 7 වැනිදා සිදුකිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එදින පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා කාලය තුළ නාමයෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.

එම නාමයෝජනාවලට අදාළව විරෝධතා භාර ගැනීමේ කාලසීමාවක්ද ප්‍රකාශයට පත්කර ඇති අතර, නාමයෝජනා භාරදෙන ඔක්තෝබර් මස 7 වැනිදා පෙරවරු 9 සිට පෙරවරු 11.30 දක්වා ඒ සඳහා කාලය ලබාදී තිබෙනවා.

මේ අතර, ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා හෙට සිට ඔක්තෝබර් 6 වැනිදා මධ්‍යහ්න 12 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.





බදුල්ල දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:04

බදුල්ල දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනයේ සුමතිරන්ට එරෙහිව ඇතිවූ උණුසුම් තත්ත්වයේ සජීවී දර්ශන මෙන්න (වීඩියෝ)
Friday, 07 August 2020 - 3:53

සුමතිරන්ට එරෙහිව යාපනයේ විරෝධතාවක් (වීඩියෝ)දෙමල ජාතික සන්ධානයේ... Read More

ජාතික ලැයිස්තුව හැර මන්ත්‍රී ධුර 196න් 128ක් පොහොට්ටුවට - 47 ක් දුරකථනයට
Friday, 07 August 2020 - 3:50

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29 හැර දිස්ත්‍රික්ක වශයෙන් නිකුත්වූ... Read More