ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවෙන් සමාව ගනී

Thursday, 19 September 2019 - 7:27

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කෝප් කමිටුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමාව අයැද සිටියා.

ඒ, දෙවන දිනට ඊයේ එහි නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදියි.

කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න, උප භාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල සහ ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා, කමිටුව හමුවේ පෙනී සිටියා. එහිදී පසුගිය 3 වනදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබියදී එයට සහභාගි නොවීම සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සමාව අයදිමින් කියා සිටියේ තම නිලධාරීන් කමිටුව හමුවේ පෙනී සිටීමට සූදානම්ව සිටියද රාජකාරි අවශ්‍යතාවන් හේතුවෙන් එයට සහභාගිවීමට නොහැකිවූ බවයි.