ඇමති රාජිත අද ජනපති කොමිසමට - විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩටත් දැඩි අවවාද

Thursday, 19 September 2019 - 7:38

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද 2015/2018 වංචා දූෂණ සොයන ජනාධීපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ලෙස රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සිදුකර ඇති පැමිණිල්ලට අදාළවයි.

මේ අතර, විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ ඊයේ කොමිසම් සභාව හමුවේ පෙනී සිටියා.

ඒ, විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා සහ බලාගාර සඳහා ඉන්ධන ලබාගැනීමේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධ පැමිණිල්ලට අදාලවයි.

කෙසේ වෙතත්, ඔහු කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබාදීමට පැමිණියත් අවශ්‍ය ලේඛණ සූදානම් කර නොගෙන පැමිණීම හේතුවෙන් යළිත් අද දිනයේ කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසයි දැනුම් දෙනු ලැබුවේ.

එහිදී සභාපති විනිසුරුවරයා අඩුපාඩුවක් නොමැතිව සියළු ලේඛණ රැගෙන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස ලේකම්වරයාට දැඩිව අවවාද කර තිබෙනවා.