සැඟව සිටි ත්‍රස්තවාදියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් අල්ලන්න කළ කමාන්ඩෝ මෙහෙයුම

Thursday, 19 September 2019 - 9:43

%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8
දියකාවා යුද පුහුණු අභ්‍යාසයේ තවත් එක් පුහුණු අභ්‍යාසයක් ඊයේ රාත්‍රියේ මන්නාරම, ඉලුප්පකඩවෙයි ප්‍රදේශයේදී පැවැත්වුණා.

එහිදී සැඟව සිටි ත්‍රස්තවාදී නායකයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් අල්ලා ගැනීම සදහා වූ පුහුණු මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුනා.

මෙම ක්‍රියාන්විතය සඳහා කමාන්ඩෝ බටයින් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 5ක් සහ විදෙශ හමුදා භටයින් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වුණා.

අදාළ පුහුණුව සඳහා විදේශ රටවල් නියෝජනය කරමින් එක්ව ඇත්තේ මලයාසියානු සහ චීන හමුදා භටයින්.

නාවික හමුදාවේ සහාය ඇතිව ක්‍රියාත්මක වූ මෙම පුහුණු අභ්‍යාසය නැරඹීම සඳහා ‘දියකාවා යුද අභ්‍යාස විශේෂ මෙහෙයුම් නිලධාරී කර්නල් පී.ජී.පී.එස් රත්නායක, කමාන්ඩෝ බලසේනාවේ අභ්‍යාස අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ටී.සී.එම්.ජි.එස්.ටී. කූරේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූවා.

එම මෙහෙහුමේ ඡායාරූප පහතින්.