Update : කංජිපානි ඉම්රාන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන එයි

Thursday, 19 September 2019 - 9:52

Update+%3A+%E0%B6%9A%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කටහඬ සාම්පල ලබාගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කෙරුණා.

මීට ටික මොහොතකට පෙර ඔහු රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පෙරේදා ලබාදුන් නියෝගයකට අනුවයි ඔහුගෙන් මෙලෙස කටහඬ සාම්පල ලබාගැනීම සිදුකරනු ලබන්නේ.

මේ වනවිට ඔහුට ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.

Update :

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් අද කටහඬ සාම්පල ලබාගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පෙරේදා ලබාදුන් නියෝගයකට අනුවයි.

මේ වනවිටත් ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට ඔහුට වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.