අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Thursday, 19 September 2019 - 10:50

%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් අසූහය ලක්ෂ හතළිස් දෙදහසකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දිය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මළු ගුවන් තොටුපල රේගුව පරීක්ෂාවට ලක් කළා.

එහිදී ගමන් මළු තුළ පාර්සල් දෙකක සඟවා තිබූ ග්‍රෑම් 864 ක් බර මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගත් බවයි ගුවන් තොටුපල රේගුව ප්‍රකාශ කළේ.  

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්.