කල්පිටියෙන් ලක්ෂ 90 ක බීඩි කොළ හමුවෙයි

Thursday, 19 September 2019 - 10:52

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+90+%E0%B6%9A+%E0%B6%B6%E0%B7%93%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කල්පිටිය මොහොත්තුවරම දූපතේ තිබී රුපියල් ලක්ෂ 90 ක් පමණ වටිනා බීඩි කොළ අඩංගු පාර්සල් 48 ක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කිලෝග්‍රෑම් 1382 ක් බර මෙම බීඩි කොළ තොගය සමඟ ලොරි රථයක් සහ සැකකරුවෙකුද ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි සිටින තුන්දෙනෙකු පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි.