මහින්ද - මෛත්‍රී හමුවේ

Thursday, 19 September 2019 - 12:47

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+-+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවූ බවයි.  

මෙහිදී නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් සහ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව නායකයින් දෙදෙනා අතර සාකච්ඡා වී ඇති බව වාර්තාවනවා.