රොෂාන් ගුණතිලක සහ කරන්නාගොඩ ගෞරව නිලයට අභිෂේක කෙරේ

Thursday, 19 September 2019 - 13:00

%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B7%82%E0%B7%9A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් හා මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස් යන තනතුරුවලට අභිෂේක ගැන්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

උදෑසන කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදී එම උත්සවය පැවැත්වුණු අතර, එම ගෞරව නිලයන්ට අදාළ යෂ්ඨිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔවුන් වෙත පිරිනමනු ලැබූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදි මොවුන් දෙදෙනා වෙනුවෙන් නාවික හමුදා සහ ගුවන් හමුදා උත්තමාචාර පෙළපාලියක්ද පවත්වනු ලැබුවා.

මානුෂික මෙහෙයුම සමයේ රට ජාතිය වෙනුවෙන් ඉටුකළ සේවය අගයමිනු මෙලෙස මොවුන්ට ගෞරවනීය නිලයන් ප්‍රදානය කරනු ලැබුවේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් සාක්ෂි ලබාගැනීම හෙට සිදු කරනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.

මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා කැමැත්ත පළකර තිබූ අතර, ඒ අනුවයි සාක්ෂි විමසීම සිදුකරනු ලබන්නේ.

කෙසේ වෙතත්, මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ තමා කිසිවිටෙකත් පෙනී නොසිටින බවයි.

එහෙත් පසුව තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අමතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර තිබුණා.

මෙම විශේෂ කාරක සභාව වෙත පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර මීට පෙර සාක්ෂි ලබාදුන්නා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසන අවස්ථාව මාධ්‍යයට විවෘත නොකරන බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ.

පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද යෝජනාවකට අනුව පසුගිය මැයි මස 22 වනදා ආරම්භ වූ මෙම තේරීම් කාරක සභාවේ නිල කාලය ලබන ඔක්තෝම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතියද හිමිවුණා.

මෙහි නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ මේ මස 30 වනදායින්.

කෙසේ වෙතත් තේරිම් කාරක සභාවේ අවසන් වාර්තාව ලබන මාසයේ දෙවන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ.