කුඩු රොෂාන් ඇතුළු 07 දෙනා යළි රිමාන්ඩ්

Thursday, 19 September 2019 - 13:03

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+07+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කටහඬ සාම්පල ලබාගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කෙරුණා.

බන්ධනාගාර නිළධාරීන් විසින් රැගෙන එනු ලැබූ මොහු කටහඬ සාම්පල මීට ටික මොහොතකට පෙර ඔහු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පිටව ගිය බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

පැයකට ආසන්න කාලයක් ඔහුගෙන් කටහඬ සාම්පල ලබාගෙන තිබුණා.

කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පෙරේදා ලබාදුන් නියෝගයකට අනුවයි ඔහුගෙන් මෙලෙස කටහඬ සාම්පල ලබාගැනීම සිදුකරනු ලැබුවේ.

ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට මොහුට මේ වනවිට වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.

මේ අතර, පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලු රංග සහ තවත් පුද්ගලයෙකු මාදම්පිටිය පොදු සුසාන භූමිය තුළදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් ඇතුලු හත්දෙනා ලබන මස 3 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.