යාපනයේදී ඉන්දීය ධීවරයින් පහක් අත්අඩංගුවට

Thursday, 19 September 2019 - 13:06

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
යාපනය - කෝවිලම්තුඩුව මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානය එම ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේයි.

එහිදී මොවුන් ගමන් කළ ට්‍රෝලර් යාත්‍රාවද නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගනු ලැබු ඉන්දීය ධීවරයින් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදී තිබෙනවා.