හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ජනාධිපතිවරණයට ඇප තබයි

Thursday, 19 September 2019 - 13:14

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව හමුවේ අද පෙරවරුවේ ඇප තැන්පත් කළා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි හිටපු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අමරසිංහයි

මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඇප තැන්පත් කර ඇත්තේ.  

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙනවා.

ඊට අදාළ නිවේදනය ඊයේ රාත්‍රියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම ඔක්තෝම්බර් මස හත්වනදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා සිදු කෙරෙනු ඇති.

ජනාධිපතිවරණයේ ඇප තැන්පත් කිරීම ඔක්තෝම්බර් මස 6 වනදා දහවල් 12 දක්වා සිදු කළ හැකි අතර අපේක්ෂකයින් සම්බන්ධයෙන් විරෝධතා භාරගැනීම ඔක්තෝම්බර් මස 7 වන දින පෙරවරු 11.30 දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණය 2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුව පැවැත්වෙන අතර, ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නවලක්ෂ අනූ දෙදහස් අනූ හයක්.

ජනාධිපතිවරණයට අදාලව රාජ්‍ය සේවකයන්ට අද සිට මේ මස 30 වනදා දක්වා තැපැල් ජන්ද ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතිනවා.

එමෙන්ම ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 400ක මුදලක් වැය වන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති බැවින් නව පත්වීම්, උසස්වීම් සහ ස්ථාන මාරු සිදු කළ නොහැකි බවයි.

ඊට අදාල ගැසට් නිවේදනය අද නිකුත් කරන බවද ඔහු කියා සිටියා.

රාජ්‍ය දේපල සහ වාහන අවභාවිතය වැලක්වීම සම්බන්ධයෙන් ද එම ගැසට් නිවේදනයේ ඇතුලත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයා සඳහන් කළේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සැලසුම් කර තිබූ රාජ්‍ය පත්වීම්, උත්සව සිදුකළ හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම රාජ්‍ය උත්සව සඳහා දේශපාලඥයන්ට සහභාගි විය නොහැකි අතර ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු කටයුත්තක නිරත වීමට හැකියාව පවතින්නේ නැහැ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 70න් ගැටළු පවතින පක්ෂ 7කට ජනාධිපතිවරණය සඳහා තරඟ කළ නොහැකි බව දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් කියා සිටියේ.