හවුති කැරළිකරුවන්ගෙන් තර්ජනයක්

Thursday, 19 September 2019 - 13:25

%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඩුබායි සහ අබුඩාබි රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කරන බවට යේමනයේ හවුති කැරළිකරුවන් තර්ජනය කර තිබෙනවා.

හවුති කැරළිකරුවන් සමඟ පවතින මතභේදාත්මක තත්ත්වයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය සෞදි රජයට සහය දැක්වීම මෙම තර්ජනයට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගියදා සෞදි අරාබියේ තෙල් පිරිපහදු සංකීර්ණවලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම ද යේමනයේ හවුති කැරළිකරුවන් භාරගනු ලැබුවා.