විපක්ෂනායක චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් හමුවෙයි

Thursday, 19 September 2019 - 13:28

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%96%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තම රජය ආරම්භ කළ ව්‍යාපෘති පසුගිය වසර හතරහමාර තුළ අඩාල වූ බවත් ඉදිරියේදී පත්වන තම රජයක් යටතේ එම ව්‍යාපෘති කඩිනම් කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ඊයේ හමුවූ අවස්ථාවේදීයි.

විපක්ෂ නායක කාර්යාලයේ පස්වරුවේ පැවති මෙම හමුවට ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියා.

හම්බන්තොට වරාය මෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ද ශ්‍රී ලංකාවට මෙන්ම, චීනයට ද ඉතා ඵලදායි ව්‍යාපෘතියක් බවයි චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් ප්‍රකාශ කළේ.

හම්බන්තොට වරාය මගින් දකුණු ආසියාවටම ඵලදායි ව්‍යාපෘතියක් ආරම්භ වූ බවත්, එමගින් නව නාවික මුහුදු ව්‍යාපෘතීන් කඩිනමින් ක්‍රියාත්මක වන බවත් ඔහු කියා සිටියා.

ඉදිරියටත් ශ්‍රී ලංකාව සමඟ සුහද මෙන්ම, ඉතා මිත්‍රශීලිව කටයුතු කිරීම චීන රජයේ අපේක්ෂාව බවයි මොහු විපක්ෂ නායකවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

චීන රජයේ නව තාක්ෂණයන් ශ්‍රී ලංකාවට ලබාදීම තුළින් පානීය ජල ගැටලුවට විසඳුම් මෙන්ම, රැකියා උත්පාදනයට ද සහය ලබාදීමට චීන රජය බලාපොරොත්තු වන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් ප්‍රකාශ කළා.

තම පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට චීන රජය ලබාදුන් සහය පිළිබඳව කෘතඥ වන බවයි විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේ.



දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More