නිධන් හෑරූ 15 දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

Thursday, 19 September 2019 - 13:38

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%96+15+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සියඹලාපිටිය ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන් ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මොවුන් සතුව තිබූ ජීප් රථයක්, මෝටර් රථයක්, කුඩා ලොරි රථයක්, ජේසීබී යන්ත්‍රයක් ඇතුලූ උපකරණද සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්.