ගාලු කොටුවේ ගොඩනැගිල්ලක බිත්තියකට හානි කළ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්

Thursday, 19 September 2019 - 13:40

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
ලෝක උරුමයක් වන ගාලු කොටුවේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක බිත්තියකට හානිකර අනවසර ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන්  වරදකරු වූ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම ඔහුට රුපියල් පනස් දහසක දඩයක් ගෙවන ලෙසයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ නියෝග කර ඇත්තේ.

පසුගියදා මොහුට එරෙහිව නඩු පවරනු ලැබුවේ පුරාවස්තු ආරක්ෂණ ඒකකය විසින්.