තංගල්ලේදී පුද්ගලයෙකු බිරිඳට පහරදී ගෙළ වැළලා ගනී

Thursday, 19 September 2019 - 15:20

%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තංගල්ල - මැදකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තම බිරිදට තියුණු ආයුධයකින් පහරදී ඔහු ද ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ බරපතල කැපුම් තුවාල ලැබූ අදාළ කාන්තාව මේ වනවිට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පවුල් ආරවුලක් මත අද උදෑසන මෙය සිදුව ඇති අතර, තුවාල ලැබූ කාන්තාව 56 හැවිරිදි වියේ පසුවන දෙදරු මවක්.

මේ අතර, පුත්තලම ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු අද අලූයම නිවසේ රැදී සිටින අවස්ථාවේදී නාඳුනන පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී පලාගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පුත්තලම - සෙම්මන්දළුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයාට මෙලෙස පහරදී ඇති බවයි.

එමෙන්ම, ඌරුබොක්ක - බෙරලපනාතර ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වන බෙරළපනාතර විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු වෑන් රථයකින් පැමිණ පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.