හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

Thursday, 19 September 2019 - 17:06

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93.%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර තිබෙනවා.

අනුරාධපුර - සඳහිරුසෑයේ තැන්පත් කිරීම සඳහා කිලෝග්‍රෑම් 8 ක බරකින් යුත් රත්‍රං සමාධි පිළිමයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගුව සතු රත්‍රං ලබාදී සාපරාධි විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව යුද්ධයට දායක වූ රණවිරුවන් වෙනුවෙන් ආරම්භ කළ සඳහිරු සෑයේ නිදන් වස්තු ලෙස තැන්පත් කිරීම සඳහා, රේගුව භාරයේ තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 8ක ප්‍රමාණයක් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න විසින් ලබා දී ඇති බව පරීක්ෂනවලදී අනාවරණයි වී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරනය වෙත දැනුම් දී
තිබෙනවා.

විමර්ශන නිලධාරීන් දැනුම් දී ඇත්තේ උතුරු මුහුදේදී අත්අඩංගුවට ගත් රත්‍රං කිලෝග්‍රෑම් 45.3ක ප්‍රමාණයක් රාජසන්තක කිරීම සඳහා ශ්‍රී ලංකා රේගු භාරයට පත්කර තිබියදී, ඉන් කිලෝග්‍රෑම් 8ක් මෙලෙස රේගු ආඥාපනතට පටහැනි ආකාරයෙන් ලබා දීම නුසුදුසු බවයි.

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වරයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාවට නඩු පවරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව ඔවුන් පදිංචි වී සිටි නිවාස වලට පොලිස් කණ්ඩායම් දෙකක් පිටත් කර හැරියමුත් ඔවුන් එම නිවාස වලින් බැහැරව ඇති බවත් ඔවුන් රටින් බැහැරව යාමට ඉඩකඩ ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරනයට සඳහන් කර තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා වහා අත්අඩංගුවට ගන්නා ලෙසට මෙන්ම ඔවුන් විදේශගත වීම වලක්වාලමින් නියෝග නිකුත් කළ අධිකරනය නඩුව ඔක්තෝම්බර් 8 වැනිදා දක්වා කල්තැබුවා.

මේ සම්බන්ධයෙන් අද සෝමාවතිය පුදබිමට පැමිණ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක අදහස් පල කළා.