බහුතර ඇමතිවරුන්ගේ විරෝධය මැද කැබිනට් හමුවට ඉදිරිපත් කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඉවතට

Thursday, 19 September 2019 - 19:32

%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව බහුතර අමාත්‍යවරුන් විරෝධය පළ කිරීම නිසා ඉවත් කර ගැණුනා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මෙම රැස්වීමට පෙර කැබිනට් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වුණා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන කවර හෝ ක්‍රියාමාර්ගයට විරුද්ධ වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම එහිදී අග්‍රාමාත්‍යවරයාට දැනුම්දී තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුව බවයි.

එම හමුවෙන් පසු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර, පස්වරු 3.30 ට පමණ විශේෂ කැබිනට් රැස්වීම ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

එහිදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කෙරුණු අතර, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් ඇතුළු අමාත්‍යවරුන් එය දැඩිව විවේචනය කර තිබෙනවා.

විනාඩි 30 කට පමණ සීමා වූ මෙම කැබිනට් රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේ අදාළ යෝජනාවට බහුතරය විරුද්ධ වූ බවයි.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය ඇමතූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් නොකළ බවයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බවට වාර්තා පළවීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් පිටුවේ සටහනක් තබා තිබුණා.

එහි දැක්වුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තුළ ඇති ගැටුම් මධ්‍යයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට වසර හතරහමාරකට පසු ආණ්ඩුව හදිසි වී ඇති බවයි.