සත්‍යග්‍රහයේ නිරත වූ ආබාධිත රණවිරුවෙකු විදුලි කණුවකට නගී

Thursday, 19 September 2019 - 19:51

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%9C%E0%B7%93
කොටුව දුම්රියපොල ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වූ ආබාධිත රණවිරුවෙකු අද එම ස්ථානයේ විදුලි කණුවක නැග විරෝධතාවක් ආරම්භ කළා.

කෙසේ වෙතත්, පසුව ඔහු ඉන් බිමට බැස විරෝධතාව අවසන් කළේ සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් එම ස්ථානයට පැමිණ ඊට මැදිහත් වීමත් සමගයි.

ක්‍රියාන්විතයේදී මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජාතික රණවිරු බලවේගය කොළඹ කොටුව - දුම්රියපොල ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට අද 09 වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර, අද දිනයේදී එම සත්‍යග්‍රහයට එක්ව සිටි නියෝජිතයන් කිහිප දෙනෙකු මුදල් අමාත්‍යාංශය වෙත රැගෙන ගියේ ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායී.

කෙසේ වෙතත්, එහිදී තම ගැටළුවලට අදාළව ලිඛිතව විසඳුමක් නොලැබුණු බවයි ඊට එක්වූ ජාතික රණවිරු බලවේගයේ වයඹ පළාත් කැඳවුම්කරු ජී.ආර්.එස්.ජයවීර කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර අදහස් පළ කළා.

එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීරද මැදිහත්ව ප්‍රතිචාර දැක්වූවා.