ජනපති, තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම අද

Friday, 20 September 2019 - 7:27

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් සාක්ෂි ලබාගැනීම අද සිදුකෙරෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ සාක්ෂි ලබාගැනීම සිදුකිරීමට නියමිත බවයි එම කාරක සභාවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා කැමැත්ත පළකර තිබූ අතර, ඒ අනුවයි සාක්ෂි විමසීම සිදුකරනු ලබන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසන අවස්ථාව  මාධ්‍යයට විවෘත නොකරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අවධාරණය කළා.

මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ තමා කිසිවිටෙකත් පෙනී නොසිටින බවයි.

එහෙත් පසුව තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අමතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර තිබුණා.

මෙම විශේෂ කාරක සභාව වෙත පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර මීට පෙර සාක්ෂි ලබාදුන්නා.