මැතිවරණ කොමිසම තේරීම් භාර නිලධාරීවරුන් කොළඹට කැඳවයි

Friday, 20 September 2019 - 7:28

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් දිවයිනේ සියලුම තේරීම්භාර නිලධාරිවරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.

ඒ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහායි.

මෙම හමුව මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවැත්වෙනු ඇති.

මේ අතර, ජනාධිපතිවරණය වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ඊයේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ අපේක්ෂක අජන්තා විජේසිංහ පෙරේරා විසිනුයි මෙලෙස ඇප තැන්පත් කර ඇත්තේ.

එමෙන්ම, ඊයේ දිනයේ ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඇප තැන්පත් කළා.

ඒ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි හිටපු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අමරසිංහයි.

නාමයෝජනා භාරදෙනු ලබන සෑම අපේක්ෂකයෙකුම නාමයෝජනා භාරදීමට පෙර ඇප මුදල් තැන්පත් කර තිබිය යුතුයි. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 50,000 ක මුදලක්ද, ස්වාධීන අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 75,000 ක මුදලක්ද ඇප මුදල් වශයෙන් තැන්පත් කළ යුතු වනවා.

මේ අතර, තමාගේ ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතු කොටගෙන එම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති පුද්ගලයින්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ලබාදීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.