කාලගුණ වෙනසට එරෙහි ගෝලීය ප්‍රහාරය ඇරඹේ

Friday, 20 September 2019 - 9:21

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ලෝක කාලගුණ වෙනස පාලනය කිරීම සඳහා තිරසාර පියවර ගන්නා ලෙස රාජ්‍යයන්ට බල කරමින් ළමයින්ගේ සහ යෞවනයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කෙරෙන විරෝධතාව එම කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් සිදුවන පැසිෆික් දිවයින්වලින් ආරම්භ වී තිබෙනවා.

එහි සිට  ඕස්ට්‍රේලියාව, නියඟයෙන් පීඩා විදින අප්‍රිකාව හරහා ඇමරිකා එක්සත් ජනපදය දක්වා ක්‍රියාත්මක වන මෙම ක්‍රියාකාරකම සඳහා මිලියන සංඛ්‍යාත ළමයින් සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි.

ග්ලෝබල් ක්ලයිමේට් ස්ට්‍රයික් ලෙස හැදින්වෙන මෙම විරෝධතාව ආරම්භ වූයේ යොවුන් පාරිසරික ක්‍රියාකාරිනියක වන ගේ‍්‍රටා තන්බර්ග්ගේ දිරි ගැන්වීම අනුව බව සඳහන්.

පොසිල ඉන්ධන භාවිතය අවසන් කිරීම මෙන්ම කාලගුණ වෙනසට මුහුණ දෙන සැමට සාධාරණයක් ඉටු කිරීම විරෝධතාවයේ නිරත වන යොවුන් ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමයි.