ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනා නිදහස් කිරීමේ තීන්දුවේ පිටපතක් නොලැබීම නිසා ඇවන්ගාඞ් නඩුව 23 දක්වා කල් යයි

Friday, 20 September 2019 - 11:02

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+23+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසම පැවරූ නඩුව නැවත සැප්තැම්බර් 23 වන දා කැදවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සදහන් කළේ අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය මේ වන විටත් තීන්දු කර ඇති බවයි.

මෙහිදී අභියාචනාධිකරණය මගින් නිකුත් කළ නියෝගයේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෙතෙක් ලැබී නොමැති බව දැනුම් දීම හේතුවෙන් නඩුව ලබන 23 වන දා යළි කැදවීමට නියෝග කෙරුණු අතර, එදිනට අදාළ නියෝගයේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා.