ආනයනික කසල කන්ටේනර්වලින් නියැදි ලබාගෙන වාර්තාවක් දෙන්නැයි රජයේ රස පරීක්ෂකට නියෝග

Friday, 20 September 2019 - 15:06

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පෞද්ගලික සමාගමකට අයත් භූමියක ගොඩගසා ඇති විදෙස් රටවල අපද්‍රව්‍ය අඩංගු සෑම කන්ටේනරයකින්ම නියැදි සාම්පල ලබාගෙන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා.

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ද්වීපුද්ගල විනිසුරු මණ්ඩලය විසින්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබුණා.

මීට අමතරව, පසුගිය ජූලි මස 31 වනදා මෙම කසල දිවයිනේ වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම තහනම් කරමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඔක්තෝම්බර් මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය මෙහිදී තීරණය කරනු ලැබුවා.