බෙරලපනාතරදී පැහැර ගත් සමූපකාර අධ්‍යක්ෂවරයා කොට්ටාවෙන් සොයා ගනී

Friday, 20 September 2019 - 19:08

%E0%B6%B6%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඌරුබොක්ක - බෙරලපනාතර සමූපකාර සමිතියේ අධ්‍යක්ෂවරයා පැහැරගෙන යාමට පැමිණි බවට සැක කෙරෙන අංක තහඩු රහිත වෑන් රථය සමඟ සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා ද කොට්ටාව ප්‍රදේශයේ දමා ගොස් සිටියදී ඊයේ රාත්‍රියේ සොයා ගත් බවයි.

සිය දරුවා පාසල් බස් රථයට ඇරලවීම සඳහා ගොස් සිටියදී ඔහු පැහැර ගැනීමට ලක්වුණේ බෙරළපනාතර සති පොළ අසළදීයි.

ඒ සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන වෑන් රථය කොට්ටාව ප්‍රදේශයේ මෝටර් රථ කුලියට ලබාදෙන ස්ථානයක තිබියදියි පොලීසිය අද සොයා ගනු ලැබුවේ.

සමූපකාර සමිතියේ අධ්‍යක්ෂවරයා වැල්ලවත්ත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව ඇති වූ ගැටළුවක් මෙම පැහැර ගැනීමට හේතුවන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.