හදිසි කැබිනට් රැස්වීම කැඳවූයේ අගමැතිගේ ඉල්ලීම අනුවයි - ජනපති කියයි

Saturday, 21 September 2019 - 19:56

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වැරදි සහගත ලෙස නඩු පැවරීමට උපදෙස් ලබා දුන්නේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම, වත්මන් සොලිසිටර් ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ රටට ප්‍රකාශයක් සිදුකළ යුතු බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් සම්මේලනයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර, කැබිනට් රැස්වීමක් පසුගිය බ්‍රහස්පතින්දා හදිසියේ කැඳවූයේ අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී කියා සිටියේ.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ සිදුවූ සාකච්ඡාව සජීවිව මාධ්‍යයට ආවරණය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටියද ඊට කමිටු සාමාජිකයින් එකඟත්වය පළ නොකළ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.