දඹුල්ලේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Saturday, 21 September 2019 - 19:59

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නුවරඑළිය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය කොල්ලකා පසුව එම පුද්ගලයා ඝාතනය කර තිබෙනවා.

මෙම පුද්ගලයාගේ මෘත ශරීරය පොලීසිය සොයා ගත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පිහිටි තාප්පයක් ආසන්නයේ තිබියදීයි.

අද අලුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලොරි රථයකින් කැරට් තොගයක් රැගෙන පැමිණි මෙම පුද්ගලයා එහි වෙළඳසැල් කිහිපයකට ඇවිද ගොස් ඇති අතර, සූක්ෂම අයුරින් පිටුපසින් පැමිණි තරුණයින් දෙදෙනෙකු ඔහුව ලුහුබැඳ ඇති ආකාරය ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී තිබෙනවා.

මේ අතර, වීරකැටිය - කුඩාබිබුල - ජූලම්පිටිය ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ලොරි රථයක් ඉදිරියට ගැනීමට යාමේදී කුඩා දරුවෙකු එහි පිටුපස රෝදයට යට වී ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 2යි මාස 6ක් වන කුඩා පිරිමි දරුවෙකු වන අතර, ලොරි රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කර ඇත්තේ ඔහුගේ පියා විසින්.