ඡන්ද කඩන අපේක්ෂකයන් වැළැක්විය යුතු බව නිරීක්ෂණ සංවිධාන කියයි

Sunday, 22 September 2019 - 8:02

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රධාන දේශපාලන පක්ෂවල ඡුන්දවලට බලපෑම් කිරීමේ අරමුණින් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් වීම වැළැක්විය යුතු බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට අමතරව, මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට දේශපාලන කණ්ඩායම් 17 ක් කැමැත්තෙන් පසුවන බවට ප්‍රකාශ කර ඇති බවයි.

මැතිවරණ කොමිෂන් සභාව මගින් ඊයේ සංවිධාන කර තිබූ සම්මේලනයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.