රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන මහා භාණ්ඩාගාරයේ නිරීක්ෂණ කැබිනට් මණ්ඩලයට

Sunday, 22 September 2019 - 13:02

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B8%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන මහා භාණ්ඩාගාරයේ නිරීක්ෂණ එළඹෙණ අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අදාළ නිරීක්ෂණ පිළිබඳව සැළකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ සිදුවිය යුතු වැටුප් විෂමතා සඳහා නිසි විසඳුම් නොලැබුණහොත් දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් සිදු කිරීමට වෘත්තිය සමිති කිහිපයක්ම තීරණය කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ දුම්රිය වෘත්තිය සමිති ඇතුලූ තවත්  වෘත්තිය සමිති රැසක් සමඟ එක්ව මෙම වැඩවර්ජනය සිදුකිරීමට නියමිත බවයි.

මේ අතර විශ්වවිද්‍යාල වෘත්තිය සමිති එකමුතුව වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් සිදුකර ඇති වර්ජනයට අදට දින 12 ක් ගතවනවා.

ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල කටයුතු රැසක් අඩාල වී ඇති අතර, ඉදිරියේදී සති අන්ත පාඨමාලාද ඇණහිටිනු ඇති බවයි එම එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් කියා සිටියේ.

එමෙන්ම ඔවුන්ගේ ගැටළුවට නිසි විසඳුම් ලැබෙනතුරු අඛණ්ඩව වර්ජනයේ නිරතවන බවද ඔහු සඳහන් කළා.

මේ අතර අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයද දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තාකර වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න කියා සිටියා.

කෙසේ වෙතත් රාජ්‍ය සේවයේ පවතින මෙම වැටුප් විෂමතා ගැටළුවට හේතුව සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් වැටුප් කොමිසමේ සභාපති එස්. රනුක්ගේ ප්‍රකාශ කළේ වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ පිළිගත හැකි සාකච්ඡාවක් සිදුකළ යුතු බවයි.

එමෙන්ම සියලූ රාජ්‍ය සේවකයින්ට එක හා සමාන ලෙස වැටුප් වැඩිවීම් ලබාදිය නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙම වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව වැටුප් කොමිසමෙන් නිරීක්ෂණ ඉල්ලා නොසිටි බවද එහි සභාපති එස්. රනුක්ගේ ප්‍රකාශ කර සිටියා.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More