ලෝක කාලගුණ සමුළුවට පෙර යොවුන් ක්‍රියාකාරීන්ගේ හමුවක්

Sunday, 22 September 2019 - 13:33

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලෝක කාලගුණ වෙනස සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක නායකයන් හෙට නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයට රැස්වනවා.

ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව ආරම්භවීමට පෙරයි.

එමෙන්ම ගෝලීය කාලගුණ වෙනස පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලකරමින් ලොව පුරා විරෝධතාවයේ නිරතවූ යොවුන් ක්‍රියාකාරීන්ගේ නියෝජිතයන් ඊයේ ජගත් සංවිධාන මූලස්ථානයට පැමිණියා.

ස්වීඩන ජාතික ගේ‍්‍රටා තන්බර්ග් ඇතුලූ යොවුන් ක්‍රියාකාරීන් 500 කට අධික පිරිසක් ඊට සහභාගිවූ අතර, එම අවස්ථාවට ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස්ද එක්ව තිබෙනවා.