රණවිරු සත්‍යග්‍රහයට පැමිණි විකට නළු බන්දු හඬයි

Sunday, 22 September 2019 - 19:14

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%84%E0%B6%AC%E0%B6%BA%E0%B7%92
වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් විශ්‍රාමික ආබාධිත රණවිරුවන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 12ක් ගත වනවා.

මෙම සත්‍යග්‍රහයට සහය පළ කරමින් ආගමික නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් තවදුරටත් එම ස්ථානයට පැමිණෙන බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ප්‍රධානත්වයෙන් ආශිර්වාද පූජාවක් පැවැති අතර, අනතුරුව රාවණාබලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් එම ස්ථානයට වැඩම කළා.

සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ ද පැමිණ සිටියා.

එහිදී ඔහු ආබාධිත රණවිරුවන් මුහුණ පා ඇති ගැටළුව සම්බන්ධයෙන් සංවේදී ලෙස කඳුළු සැලූ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

අද උදෑසන ස්වේච්ඡා වෛද්‍යවරුන් කිහිප දෙනෙකු පැමිණ සත්‍යග්‍රහයට එක්ව සිටින රණවිරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද පරීක්ෂා කර තිබුණා.

ඊට අමතරව ආබාධිත රණවිරුවන්ගේ ගැටළුව කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා එම ස්ථානයට පැමිණ සිටි පිරිස දේව කන්නලව්වක ද නිරත වුණා.

මේ අතර, සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවෙකු හදිසියේ රෝගීවීම හේතුවෙන් එම ස්ථානයට එක්ව සිටි පිරිස් ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර එහිදී  උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.





දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More