නිශ්ශංක - දිල්රුක්ෂි දුරකථන සංවාදය ගැන විමර්ශනයක්

Monday, 23 September 2019 - 7:08

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ දුරකථන සංවාදය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා අද රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත දැනුම්දීමට නියමිතයි.

ඒ පිළිබදව සංවාදයට බඳුන් වීමත් සමඟ ඊට අදාළ පරීක්ෂණ ආරම්භ කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ.

මෙම දුරකථන සංවාදය ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පසුගිය දා සමාජ මාධ්‍යයට මුදා හැරියේ සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන අතරතුරයි.

කෙසේ වෙතත්, අදාළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ද යොදමින් සඳහන් කළේ එය විකෘති කරන ලද්දක් බවයි.