ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනය, පිළිබඳ අධිකරණ තීන්දුව අද

Monday, 23 September 2019 - 7:11

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
අපවත් වී වදාළ මුලතිව් - නයාරු - ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදාහන කටයුතු සම්බන්ධයෙන් අද අධිකරණය නියෝගයක් ලබාදීමට නියමිතයි.

මුලතිව් මහේස්ත්‍රාත් එන්. සුදාහරන් ඊයේ නියෝග කළේ අධිකරණ නියෝගයකින් තොරව මෙම හිමියන්ගේ ආදාහන කටයුතු විහාර භූමියේ සිදු නොකරන ලෙසටයි.

ඒ, විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් - නයාරු - නිරාවිය - පුල්ලයාර් කෝවිලේ පාලක සභාව සහ ප්‍රදේශයේ ජනතාව මුලතිව් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අධිකරණයට කරනු ලැබූ කරුණු වාර්තා කිරීමකට අනුවයි.

එමෙන්ම, විහාරස්ථානයේ දායක සභාවට සහ එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට අද අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර  ලබමින් සිටි විහාරාධිපති හිමියන් පසුගිය සිකුරාදා අපවත් වූ අතර, උන්වහන්සේගේ ඉල්ලීම පරිදි දේහය මේ වන විට විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

අපවත් වී වදාළ ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති නාහිමියන්ගේ ආදාහන කටයුතු අද සිදුකිරීමට දායක සභාව මීට පෙර සැලසුම් කර තිබුණත් අධිකරණ නියෝගය හේතුවෙන් තමන් වහන්සේලා අසරණ වී සිටින බවයි විහාරවාසී පූජ්‍ය බලල්ලේ රතනසාර හිමියන් ඊයේ කියා සිටියේ.