රජයේ විධායක නොවන ශ්‍රේණි 18 ක් අද සේවයෙන් ඉවත් වෙයි

Monday, 23 September 2019 - 7:13

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92+18+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රජයේ විධායක නිලධාරීන්ට කැබිනට් පත්‍රිකාවකින් ලබාදුන් වැටුප් වැඩිවීමට සාපේක්ෂව වැටුපක් ලබා නොදීමට එරෙහිව විධායක නොවන ශ්‍රේණි 18 ක පිරිස් අද පැය 24 ක සංකේත වර්ජනයක නිරතවනවා.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ මෙම වර්ජනයට රාජ්‍ය කළමනාකරණ සහකාර, සංවර්ධන, ග්‍රාමසේවා, දුම්රිය සහ කණිෂ්ඨ සේවාවන්වලට අයත් වෘත්තිය සමිති එක්ව සිටින බවයි.  

මේ අතර පරිපාලන සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් පසුගිය බදාදා ආරම්භ කළ සීමිත වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේද ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා ප්‍රකාශ කළා.