රනිල්, සජිත්, කරූ අදත් හමුවේ

Monday, 23 September 2019 - 7:21

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%BB%E0%B7%96+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද දිනයේද සිදුවීමට නියමිත බව වාර්තාවනවා. අරලියගහ මන්දිරයේදී හෝ කථානායක නිල නිවසේදි මෙම හමුව සිදුවනු ඇති බවයි වාර්තාවන්නේ.

ඊයේ දිනයේදීද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා 3 ක් පැවැත්වුණා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ සතියේ රැස්වී ජනාධීපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ලබන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය සහ මුස්ලිම් කොංග්‍රසය ඇතුලු සෙසු සුළු පක්ෂ සඳහන් කර ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පමණක් ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීම සුදුසු නොවන බවයි.

ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩාම රැස් කළ යුතු බවටයි ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ.