ට්‍රම්ප්ගෙන් මෝදිට පැසසුම්

Monday, 23 September 2019 - 7:23

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ඇමරිකාවේ ටෙක්සාස් හි පැවති දැවැන්ත ජන රැළියකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද එක්ව තිබෙනවා.

එහිදී දෙදෙනා වැළඳගනිමින් එකිනෙකාට සුබපැතුම් එක්කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

50,000 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම ජන රැළියේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූ පිළිගැනීම විදේශ නායකයෙකුට ඇමරිකාවේදි ලබාදුන් ඉහළම පිළිගැනීම වන බවද වාර්තාවනවා.

විනාඩි 90 ක පමණ කාලයක් පැවති මෙම රැළිය සඳහා කළාකරුවන් 400 දෙනෙකු පමණ සහභාගිවී ඇති බව සඳහන්.