වර්ජනයෙන් රජයේ කාර්යාලවල කටයුතු අඩාලයි ආගමන විගමන දෙපාර්තමේන්තුව තුල උණුසුම් තත්ත්වයක්

Monday, 23 September 2019 - 9:06

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රාජ්‍ය සේවයේ විධායක නොවන ශ්‍රේණි 18 ක සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කර අද දිනයේ ක්‍රියාත්මක සංකේත වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දෛනික කටයුතු අඩාල වී තිබෙනවා.

රජයේ විධායක නිලධාරීන්ට කැබිනට් පත්‍රිකාවකින් ලබාදුන් වැටුප් වැඩිවීමට සාපේක්ෂව වැටුපක් ලබා නොදීමට එරෙහිවයි රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා රාජ්‍ය කළමනාකරණ සහකාර, සංවර්ධන, ග්‍රාමසේවා, දුම්රිය සහ කණිෂ්ඨ සේවාවන්වලට අයත් වෘත්තිය සමිති එක්ව සිටිනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිට අද උදෑසන උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

දෛනික සේවා ලබාගැනීමට පැමිණ අපහසුතාවට පත්වූ පිරිසක් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත් බවයි එහි සිටි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තත්ත්වය නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගය ද අවහිර වුණා.

පසුව ආගමන විගමන පාලකවරයා ඊට මැදිහත් විමත් සමඟ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ එක් දින සේවාව ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණා.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණ සිටින පිරිස් සහයෝගය දක්වන්නේ නම් සමාන්‍ය සේවාව ද සිදු කිරීමට කටයුතු කළ හැකි බවයි ආගමන විගමන පාලක ජෙනරාල් පසන් රත්නායක සඳහන් කළේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් ආගමන විගමන කාර්යාලය තුලද උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන රැසක ද කටයුතු අඩාල වූ බවයි හිරු ප්ාදේශිය වාර්තාකරු හරිෂ් කුමාර කියා සිටියේ.