ගෝඨාභය අධිකරණයට , සජිත් ජනපති කොමිසමට

Monday, 23 September 2019 - 10:01

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පැවරූ නඩුව සඳහා පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.

මීට පෙර නඩුව කැදවූ අවස්ථාවේදී විත්තිකාර ගෝඨභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු ඇති ආකාරය නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය මේවනවිටත් තීන්දු කර ඇති බවයි.

ඒ අනුව අද දිනයේ අභියාචනාධිකරණ තීන්දුවේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා මීට පෙර නියෝග කළේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස 2015 - 2018 වසර වල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට මේ වනවිට පැමිණ තිබෙනවා.  

ඒ,  නිවාස සංවර්ධන අධිකාරියට නිසි අනුමැතියකින් තොරව නියමිත සේවක සංඛ්‍යාව ඉක්මවා බඳවා ගැනීමේ සිද්ධියකට අදාළ පැමිණිල්ලේ සාක්ෂි ලබාගැනීම සඳහායි.