සජිත් කොමිසමට පැමිණෙයි

Monday, 23 September 2019 - 12:34

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
2015 - 2018 වසර වල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීම සඳහා අද පෙරවරුවේ පැමිණි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මේ වනවිටත් ප්‍රකාශ ලබාදෙමින් සිටිනවා.

ඒ, නිවාස සංවර්ධන අධිකාරියට පසුගිය වසර 3 ක කාලය තුළ නිසි අනුමැතියකින් තොරව ප්‍රමාණය ඉක්මවා සේවකයින් බඳවා ගත් බවට එහි ශ්‍රී ලංකා නිදහස් වෘත්තිය සමිති සංගමය කළ පැමිණිල්ලට අදාළවයි.

මීට පෙර මේ සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරියද ප්‍රකාශ ලබාදුන්නා.

මේ අතර මොරටුව - සොයිසාපුර පිහිටි නිවාස සහ මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩකාමර කිහිපයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය දේශපාලන හිතවතුන්ට ලබාදීමේ උත්සාහයක් ඇති බවට චෝදනා කරමින් නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ ව්‍යාපාරය අද මැතිවරණ කොමිසම් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එමෙන්ම පාසල් ළමයින්ට නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදිමේදී හා ටැබ් පරිගණක ලබාදීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් 2015 - 2018 වසර වල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද පස්වරුවේ යළි පෙනී සිටීමට නියමිතයි.

මේ අතර පිවිතුරු හෙළ උරුමය අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, පාසල් ළමයින්ට ලබාදෙන ටැබ් පරිගණක සඳහා අවශ්‍ය ප්‍රමිති මට්ටම සැපිරීමට අපොහොසත්වූ සමාගමකට ඊට අදාළ ටෙන්ඩරය පිරිනමා ඇති බවට බවට චෝදනා කරමින්.