ගිං, නිල්වලා ජල මට්ටම් තවදුරටත් ඉහළට

Monday, 23 September 2019 - 12:37

%E0%B6%9C%E0%B7%92%E0%B6%82%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
නිල්වලා, ගිං ගංගාවල ජල මට්ටම් මේ වනවිට ඉහල යමින් පවතින බැවින් පහත්බිම්වල ජීවත් වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.

එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂිකා මාලා අලවතුගොඩ සඳහන් කළේ ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බවයි.

එමෙන්ම නිල්වලා ගඟේද ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති අතර, සුළු ගං වතුර තත්ත්වයක් එම ප්‍රදේශයෙන් වාර්තාවන බව ඇය කියා සිටියා.

පවතින ගං වතුර අවදානම හේතුවෙන් මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව නිල්වලා ගඟේ මෝය කට පුළුල් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මේ අතර නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් මාර්ග කිහිපයක ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කඹුරුපිටිය - අකුරැස්ස ප්‍රධාන මාර්ගය හෝදුගොඩ ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා. එමෙන්ම නිල්වලා ගඟේ අතු ගංඟාවක් වන කිරමආර පිටාර ගැලීම නිසා කඹුරුපිටිය - මුලටියන ප්‍රධාන මාර්ගය මාකඳුර සහ රංචාගොඩ ප්‍රදේශවලින් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලේනබටුව වැව වාන් දැමීම හේතුවෙන් අකුරැස්ස - කඹුරුපිටිය මාර්ගය ලේනබටුව ප්‍රදේශයෙන් සහ ගෝදාව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.

වැලිගම - බටල මංසන්ධිය ආසන්නයේ අඩි 80 ක් පමණ උස කන්දක පිහිටි නිවසක් නායයෑමට පටන්ගෙන ඇති බැවින් එහි සිටි පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කළ බවයි වැලිගම පොලීසිය සඳහන් කළේ.

පවතින අධික වැසි හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 36ක පවුල් 293කට අයත් පුද්ගලයින් 861 දෙනෙකු අවතැන්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ඉන්දුක වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා සහ එක්දින යාත්‍රා මුහුද යාමෙන් වැලකී සිටින ලෙස ඉල්ලීමක් කරන බවයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් පිලිබඳ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා කියා සිටියේ.

මේ අතර ගත වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය කළුතර - යටපත ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර 102ක්.





දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More