ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනය ගැන අධිකරණ නියෝගය ලබාදෙයි

Monday, 23 September 2019 - 13:24

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අපවත්වී වදාළ මුලතිව් - නයාරු - ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එම විහාර ස්ථානය ඉදිරිපිට පිහිටි වෙරළ තීරය ආසන්නයේ ඉඩමක සිදුකිරීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, ඊට අදාල නඩුව අද යලි කැඳවූ අවස්ථාවේදියි.

අධිකරණ නියෝගයකින් තොරව මෙම හිමියන්ගේ ආදාහන කටයුතු විහාර භූමියේ සිදු නොකරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් එන්. සුදාහරන් ඊයේ නියෝග කර තිබුණා.  

ඒ, විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් - නයාරු - නිරාවිය - පුල්ලයාර් කෝවිලේ පාලක සභාව සහ ප්‍රදේශයේ ජනතාව මුලතිව් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අධිකරණයට කරනු ලැබූ කරුණු වාර්තා කිරීමකට අනුවයි.