Update - ගාල්ල - කොකාවල කන්ද නාය යාමෙන් කාන්තාවක් මිය යයි

Monday, 23 September 2019 - 14:49

Update+-+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගාල්ල - වදුරඹ කොකාවල කන්ද නාය යාමෙන් නිවසක සිටි කාන්තාවක් මිය ගොස් ඇති අතරල ඇගේ දරුවන් තුන් දෙනා බේරා ගැනීමට හැකි වී තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ උදෑසන සිට ඇදහැලෙන වර්ෂාවත් සමඟ මෙම නාය යෑම සිදුව ඇති බවයිග නාය යාමෙන් තවත් නිවසකට හානි සිදුව ඇති බව සඳහන්.

එම නිවසේ සිටි කාන්තාවක් ද බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

----------------------------------------------------------------------

ගාල්ල කොකාවල කන්දේ නාය යාමක් - MONDAY, 23 SEPTEMBER 2019 - 14:49

ගාල්ල වදුරඹ කොකාවල කන්ද ප්‍රදේශයේ නාය යෑමක් සිදු ව තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ උදෑසන සිට ඇදහැලෙන වර්ෂාවත් සමඟ මෙම නාය යෑම සිදු ව ඇති බවයි.

නාය යාමෙන් නිවාස දෙකකට හානි සිදුව ඇති බවටයි දැනට වාර්තා වන්නේ.

මේ අතර, නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ තවමත් අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.