බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 20 දෙනෙකු රෝහල් ගත කෙරේ

Monday, 23 September 2019 - 16:41

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මස්කෙලිය ප්‍රදේශයේ වතු යායක තේ දළු නෙලමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරුවන් 20 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 16 දෙනෙකු සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මස්කෙලිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.