දිල්රුක්ෂි ඩයස් සහ නිශ්ශංක සේනාධිපති අතර දුරකථන සංවාදය ගැන විමර්ශන රාජ්‍ය සේවා කොමිසමට

Monday, 23 September 2019 - 17:01

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ දුරකථන සංවාදය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා අද රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත දැනුම් දී තිබෙවා.

එමෙන්ම, අදාළ දුරකථන සංවාදය පිළිබඳව පරීක්ෂණ ද ආරම්භ කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශකයෙකු පත් කිරීමට නියමිතයි.